18th May 2026
ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 6 වන කර්නල් සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc, වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2026 මැයි 14 වන දින එම බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නික්ම යන කර්නල් සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන්පසුව, සියලු නිලයන් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී විය.
උත්සවයේ කටයුතු අවසන් කරමින් නික්ම යන කර්නල් සේනාවිධායක වෙත නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.