යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරල් එම්.එන්. ප්‍රනාන්දු RSP, 2026 මැයි මස 15 වන දින කරන්දෙණිය, එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත පැමිණි නව සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන්පසුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර පසුව භට පිරිස් ඇමතීය. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.