පුත්තලම ජාතික රෝහලට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

පුත්තලම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 මැයි මස 13 දින පුත්තලම ජාතික රෝහලේ ඇති වූ හදිසි ආපදා තත්ත්වයට, 1 වන බලකාය යටතේ ස්ථාපිත 573 පාබල බලසේනාවේ භට පිරිස් කඩිනමින් ප්‍රතිචාර දක්වන ලදී.

ආපදා තත්ත්වයෙහි ප්‍රතිඵලයක් ලෙස රෝහලේ දැඩි සත්කාර ඒකකය, වෛද්‍ය රසායනාගාරය සහ ගබඩා සංකීර්ණයේ ව්‍යුහාත්මක ඉරිතැලීම් ඇති වූ අතර ඒවා අනතුරුදායක තත්ත්වයක පවතින බවට තක්සේරු කරන ලදී. ඒ අනුව තත්වයේ හදිසිභාවය සැලකිල්ලට ගනිමින් යුද්ධ හමුදා භටපිරිස් විසින් බලපෑමට ලක් වූ පරිශ්‍රයෙන් වටිනා වෛද්‍ය සහ රසායනාගාර උපකරණ සහ ඖෂධ ආරක්ෂිතව ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලදී.