සිවිල් ක්‍රියාකාරකම්
5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් 5 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ නායකත්වයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් තන්තිරිමලේ විහාරස්ථාන පරිශ්‍රයේදී 2025 ජුනි මස 17 දින අනුරාධපුර රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
141 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
141 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් එක්ව මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් 2025 ජුනි මස 17 දින රාගම ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව එම බලසේනා පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
රසායනික කාන්දුවක් පාලනයට 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ දායකත්වය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙතින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ තාක්‍ෂණික සහයෝගය ඇතිව, එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාත්මක රසායනාගාරයේ 2025 ජුනි මස 16 දින ඇති වූ රසායනික කාන්දුවක් විසඳීම සඳහා 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවේ විශේෂිත ප්‍රතිචාර කණ්ඩායමක් සහ කොළඹ ගිනි නිවන හමුදාව ඒකාබද්ධව කටයුතු කරනු ලැබීය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සඳහා දායකත්වය ලබාදෙමින් 5 (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 15 දින සිප්පියාරු, ශාන්ත ආනා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
513 පාබල බලසේනාවේ මූලිකත්වයේන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
513 පාබල බලසේනාව විසින් තෙලිප්පලෙයි පිළිකා රෝහලේ රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් 2025 ජුනි මස 09 දින කරුකම්පනෙයි සංස්කෘතික ශාලාවේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
ලෝලුවාගොඩ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජුනි මස 10 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.
නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි
1 වන විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය සහ එස්.ඒ ඉෂාන් පෙරේරා මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත හංවැල්ල, කළුඅග්ගල ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජුනි මස 11 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් කුරුණෑගල, ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ සහයෝගයෙන් 2025 ජුනි මස 08 දින හෙරලියාවල, එම බලඇණි මූලස්ථානයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
ගැමුණු හේවා බලකායේ භටපිරිස් බෙලිහුල්ඔය බේකර්ස් වංගුව අසලදී අනතුරකටපත් පුද්ගලයින් බේරා ගැනේ
2025 ජුනි මස 10 දින බෙලිහුල්ඔය නන්පේරියල් මාර්ගයේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් පහලට වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එක්ව සාර්ථකව බේරා ගන්නා ලදී.
කූරගල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පියවර ගනී
2025 ජුනි මස 10 දින කූරගල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත් වීමට 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. එහිදී ගින්න මැඩපැවැත්වීමට සහ අවට ප්‍රදේශවලට එය පැතිරීම වැළැක්වීමට භටපිරිස් හට හැකි විය.