සිවිල් ක්‍රියාකාරකම්
පදවි ළමා රැලිය - 2025 සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහය
අනුරාධපුර ශාන්ත ජෝශප් ආසන දෙව් මැදුර මූලික කරගත් ධර්මෝපදේශ සහ බයිබල් සේවා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද පදවි ළමා රැලිය 2025 අගෝස්තු මස 8 දින සිට 10 දින දක්වා 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරුදැරියන් 450 දෙනෙකුගේ සහ උතුරු මැද පළාතේ පාසල්වල ගුරුවරුන් 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විය.
යුද්ධ හමුදාව වෙතින් රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා පිපිරීම් පිළිබඳ සිවිල් ආරක්‍ෂක ආයතන සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත 14 රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව වෙතින් 2025 ජූලි මස 29 දින බෝම්බ හෙලීමේ සහ රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා වලින් ඇති විය හැකි තර්ජන පිළිබඳව One Gall Face Residence නිවාස සංකීර්ණයේ ආරක්‍ෂක කාර්ය මණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ඉරුපලෙයි පිහිටි තෙරේසා මාතා වැඩිහිටි නිවාසය, පුත්තූර් පිහිටි ශාන්ත ලූකස් මෙතෝදිස්ත වැඩිහිටි නිවාසය සහ උරුම්පිරායි පිහිටි සෙල්වපුරම් උදය සූරියන් පෙරපාසල වෙත 2025 ජූලි මස 27 දින පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
කුරුණෑගල ප්‍රදේශයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා 9 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි දායකත්වය
කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ වදාකඩ මුස්ලිම් පල්ලිය අසළ පිහිටි කුඩා ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක විදුලි පරිපථයක් තුළ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 2025 ජූලි මස 19 දින ගින්නක් ඇති විය.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ රාජ්‍ය වැඩසටහනට සමගාමීව 55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් 2025 ජූලි මස 04 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස් දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරයි
54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජූලි මස 09 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 541, 542 සහ 543 පාබල බලසේනා බලප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහන් පවත්වන ලදී. මෙම වැඩසටහන එම ප්‍රදේශයන්හි තෝරාගත් පාසල් 100 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 ජූලි මස 07 දින මාදගල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර නිවාසලාභියා වෙත පවරාදෙන ලදී.
10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් සෙල්ල කතරගම නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්
යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් සෙල්ල කතරගම ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජූලි මස 10 දින එම නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.
6 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
6 වන (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් 2025 ජූලි මස 08 දින නැගෙනහිර පළාතේ ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2 වන යාන්ත්‍රිත පාබළ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්
‘සහෝදරත්වයේ මනුදම’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් 2025 ජූනි මස 30 දින චෙඩ්ඩිකුලම්, ක්‍රිස්තුවාකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පුස්තකාල පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.