21st August 2025
58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 අගෝස්තු මස 07 දින පුත්තලම, මොරපතාව පාසලේදී කටුපුලියන් ප්‍රාථමික පාසලේ සහ මොරපතාව පාසලේ ළමුන් 51 දෙනෙකු වෙත පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ 1985 වසරේ අ.පො.ස (උ.පෙ) කණ්ඩායම විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.