සිවිල් ක්‍රියාකාරකම්
11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 241 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 18 දින පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ඔඩ්ඩුසුඩාන්හි වාර්ෂික සිවම් කෝවිල් උත්සවයට 14 බලඇණිය ගැමුණු හේවා බලකායේ ශ්‍රම දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව 59 පාබල සේනාංකයේ මඟපෙන්වීම මත 592 පාබල බලසේනාවේ සම්බන්ධීකරණය යටතේ 14 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන්හි සිවම් කෝවිලෙහි වාර්ෂික උත්සවය සඳහා එම කෝවිල් පරිශ්‍රය 2025 ජුනි මස 21 දින පිරිසිදු කරන ලදී.
වන අලින්ගෙන් වන වගා හානි වැළැක්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් ඒකාබද්ධ මෙහෙයුමක්
දිනෙන් දින වර්ධනය වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 12 බලඇණිය ගැමුණු හේවා බලකාය, 3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව 2025 ජුනි මස 19 දින මිවිතපුර සිට නුවරගල දක්වා වන ප්‍රදේශය තුළ සැරිසරන අලි 26 දෙනෙකු පලවා හැරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබූහ.
10 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එන් ප්‍රනාන්දු RSP සහ 522 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.ඒ.සී කරුණාතිලක RSP USP ගේ අධීක්ෂණය යටතේ 2025 ජුනි මස 15 දින මරදන්කේනි රෝහලේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 19 දින මඩකලපුවේදී රුධිර පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් පරිත්‍යාග වැඩසටහනක් සිදුකරයි
මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා, 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 10 දින පල්ලෙකැලේ ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා සහල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම බලකා පරිශ්‍රයේදී පවත්වන ලදී.
7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක්
7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 16 දින අරුමුත්තුපුඩුකුලම් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී අරුමුත්තුපුඩුකුලම් ගම්මානයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.කේ.ඩී.පී.පී.කේ කන්කානි RWP RSP USP psc ගේ මඟ පෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබිණි.
10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි
මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව පාලිනගර් කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජුනි මස 16 දින පවත්වන ලදී. 561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එස්.පී බණ්ඩාර USP psc ගේ මඟපෙන්වීම යටතේ, එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එන්.ටී ද සොයිසා WWV RWP RSP ගේ අධීක්ෂණය යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන පැවැත්විණි.
4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මන්නාරම ප්‍රදේශයේ වෙරළ තීරයන් පිරිසිදු කරයි
ඉන්දියානු මුහුදු සීමාව තුළදී MSC ELSA 3 නෞකාව අනතුරකට ලක්වීමෙන් අනතුරුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වෙරළබඩ තීරයන් සමීක්‍ෂණය කරමින් එම මන්නාරම ප්‍රදේශයේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පාසල් ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, 5 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මුලතිව්, සම්මුගරත්නම් දමිළ පාසල සහ ඕලුමඩු දමිළ පාසල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ගේ මඟපෙන්වීම මත එම විද්‍යාලයන්හි සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර 2025 ජුනි මස 16 දින පාසල් බලධාරින් වෙත පවරාදෙනු ලැබීය.