19th January 2026
මහඔය අධ්‍යාපන කලාපයට අයත් අම්පාර, මහ උණුවතුර බුබුල විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණිවල සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 17 වන දින එම පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
එම වැඩසටහන 24 වන පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 243 වන පාබල සේනාංකය සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව එක්ව සංවිධානය කරන ලදී.
පරිත්‍යාග වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා ‘තරණ පදනම’ විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, එම අවස්ථාවට එම පදනමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්, ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.