2026-02-01

යුද්ධ හමුදා භටපිරිස් යාපනය, ඇමරිකානු මිෂන් දමිළ මිශ්‍ර විද්‍යාලය සඳහා දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකරයි

51 වන පාබල සේනාංකයේ සහ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2026 ජනවාරි මස 30 වන දින යාපනය, ඇමරිකානු මිෂන් දමිළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන් සඳහා දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර භාර දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc, 51 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ආර් රාසික් RSP ndu මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වූහ.

මෙම දෙමහල් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නැගෙනහිර වෙරළ පදනමේ සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි දානපතියෙකු වන ආචාර්ය ජිතේන්ද්‍ර රාජියා මහතා විසින් රුපියල් මිලියන 25 ක පමණ මූල්‍යමය අනුග්‍රාහකත්වයක් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පති, ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය සහ සිසුන් සහභාගී වූහ.