31st January 2026
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩු සහ තේක්කම් යන ප්‍රදේශයන්හි පවුල් 53 ක් සඳහා වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 28 වන දින තේක්කම් ග්‍රාම නිලධාරී කොට්ඨාශ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
මෙම සුභසාධන වැඩසටහන සඳහා කැනඩාවේ පදිංචි පරිත්‍යාගශීලියෙකු විසින් දායකත්වය ලබාදෙන ලදී. 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.