යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් පුල්මුඩේ ප්‍රදේශයේදී සමාජ සත්කාරක වැඩසටහනක්

22 පාබල සේනාංකය විසින් පුල්මුඩේ අර්ෆාත් මුස්ලිම් විද්‍යාලයේදී ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 200 ක පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා වියළි සලාක පාර්සල් 200 ක් සහ පාසල් බෑග් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 19 වන දින පවත්වන ලදී.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන මේජර් ජෙනරල් ඒ.පී.අයි. ප්‍රනාන්දු (විශ්‍රාමික) RWP USP ගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය යමානි ගුණවර්ධන මහත්මිය සහ එම පවුලේ සාමාජිකයින්ගේ මූල්‍යමය දායකත්වය ඇතිව සිදු කරන ලදී.