සිවිල් ක්‍රියාකාරකම්
54 පාබල සේනාංකය විසින් පරිත්‍යාග වැඩසටහනක් සහ දානමය පිංකමක් සංවිධානය කරයි
54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 30 දින මන්නාරම රදගුරු පදවි මධ්‍යස්ථානයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් සහ ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. සරණ බෞද්ධ පදනමේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන සඳහා සී වොන්ග් චී මහතා, එම මහත්මිය සහ විදේශීය පරිත්‍යාගශීලීන් විසින් මූල්‍යමය දායකත්වය ලබාදෙන ලදී.
231 පාබල බලසේනාවේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක්
231 පාබල බලසේනාවේ සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හේමාස් (පුද්ගලික) සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව දිඹුලාගල, දළුකාන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 80 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 28 දින මහවැලි ප්‍රතිභා ශාලාවේදී පවත්න ලදී.
8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් නව නිවසක්
8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 23 දින එම ඒකකය යටතේ සේවයේ නියුතු නිවාස අවශ්‍යතා සහිත සිවිල් සේවක මහතෙකු වෙනුවෙන් කුඩාහල්මිල්ලෑව, පූනෑව ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවසක් එම නිවාසලාභියා වෙත නිල වශයෙන් පවරාදෙන ලදී.
18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් සියඹලාණ්ඩුව, කරදන්දර වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කරයි
අධික වර්ෂාපතනය හේතුවෙන් සියඹලාණ්ඩුව, කරදණ්ඩාර වැවේ වැව්බැම්ම හානියට පත් වූ අතර මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 18 සහ 19 දෙදින තුළ එම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.
2 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 මාර්තු මස 20 දින ත්‍රිකුණාමලය රෝහල අසල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
521 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
521 පාබල බලසේනාව වෙතින් 2025 මාර්තු මස 15 දින එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වෙයි
නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc සහභාගි වූයේය.
221 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
221 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 15 වන සංවත්සර දිනයට සමගාමීව 2025 මාර්තු මස 12 දින බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් ඇතුළු පරිත්‍යාගශීලීන් 61 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
543 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එච්.එස්.ඩබ්ලිව්.කේ ගල්හේනගේ RWP RSP USP psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාව හා කොළඹ ශාන්ති ප්‍රජා සජීවිකරණ ආයතනය එක්ව තලෙයිමන්නාරම රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් වෙත මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ එම පාසලේ සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 14 දින පවත්වන ලදී.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව 542 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සංස්කෘතික නර්තන තරඟාවලියක් පවත්වයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස 542 පාබල බලසේනාව වෙතින් 2025 මාර්තු මස 08 දින මන්නාරම නගර ශාලාවේදී සංස්කෘතික නර්තන තරඟාවලියක් පැවැත්වීය. ‘දමිළ සංස්කෘතික නර්තනයේ වටිනාකම්’ තේමාව ඔස්සේ පැවති මෙම වැඩසටහන ජනවාර්ගික හා සමාජීය වශයෙන් සමඟිය ප්‍රවර්ධනය කිරීම, පාසල් සිසු සිසුවියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සහ යුද්ධ හමුදාව හා මන්නාරම ප්‍රදේශවාසීන් අතර පවතින විශ්වාසය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලදී.