සිවිල් ක්‍රියාකාරකම්
54 පාබල සේනාංකය වෙතින් ප්‍රජා වෛද්‍ය සායන වැඩසටහනක්
54 පාබල සේනාංකය, අඩම්පන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ එක්ව ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණින් මන්තායි (බටහිර), වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේදී 2025 ජුනි 07 වන දින වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එහිදී අවට ගම්මානවලින් පැමිණි පවුල් 125 ක් වෙත වෛද්‍ය උපදේශන, අක්‍ෂි ප්‍රථිකාර, දන්ත ප්‍රතිකාර, මානසික සෞඛ්‍ය හා පෝෂණ උපදෙස් සහ රුධිර පරීක්‍ෂණ ඇතුළු සේවාවන් සපයන ලදී.
17 බලඇණිය ගැමුණු හේවා බලකායෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 05 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක්
කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සහ ගොතටුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඒකාබද්ධව 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගිත්වයෙන් 2025 මැයි මස 31 දින කලටුවාවත්ත ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.
17 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්
51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 512 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය මත එම බලසේනාව යටතේ ස්ථාපිත 17 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 02 දින යාපනය, අරියාලෙයි, පම්පුගර් ප්‍රදේශයේ ස්ථාපිත සන්මුගන් පෙර පාසල් පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී..
අරන්තලාව භික්‍ෂු ඝාතනයේ 38 වන ගුණානුස්මරණය පැවැත්වෙයි
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් වර්ෂ 1987 ජුනි මස 2 දින අම්පාර දිස්ත්‍රික්කයේදී බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා 33 නමක් සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළ සිදුවීමේ 38 වන ගුණානුස්මරණය 2025 ජුනි මස 2 දින අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය මත 221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2025 මැයි මස 26 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් දියතලාව, ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව දේශීය හා විදේශීය සංචාරකයින් සංචාරයේ යෙදෙන දියතලාව, ‘ෆොක්ස් හිල්’ ප්‍රදේශය ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින පවත්වන ලදී.
51 පාබල සේනාංකයයේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල් වල සිසු සිසුවියන් සඳහා පාසල් බෑග් පරිත්‍යාග කරයි
51 පාබල සේනාංකයයේ භටපිරිස් විසින් පලාලි උතුර, රජයේ දමිළ මිශ්‍ර පාසලේදී අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 40 දෙනෙකු සඳහා පාසල් බෑග් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 29 දින සංවිධානය කරන ලදී.
15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ත්‍රිකුණාමලයේදී වෛද්‍ය කඳවුරක්
15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය සමඟ එක්ව ත්‍රිකුණාමලයේ තිස්සපුර අග්බෝ රජමහා විහාරස්ථානයේදී වෛද්‍ය කඳවුරක් 2025 මැයි මස 27 දින පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් සිවිල් වැසියන් 200 කට අධික පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර හිමි විය.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වෙයි
කුණ්ඩසාලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2025 මැයි මස 23 දින පැවති එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.