7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් වියළි සලාක බෙදා දීමේ වැඩසටහනක්

7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජුනි මස 16 දින අරුමුත්තුපුඩුකුලම් ග්‍රාම නිලධාරී කාර්යාලයේදී අරුමුත්තුපුඩුකුලම් ගම්මානයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 20 ක් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී. එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්.කේ.ඩී.පී.පී.කේ කන්කානි RWP RSP USP psc ගේ මඟ පෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබිණි.