10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව පාලිනගර් කඳවුරු පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජුනි මස 16 දින පවත්වන ලදී. 561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එස්.පී බණ්ඩාර USP psc ගේ මඟපෙන්වීම යටතේ, එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එන්.ටී ද සොයිසා WWV RWP RSP ගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන පැවැත්විණි.