21st June 2025
මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා, 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් 2025 ජුනි මස 10 දින පල්ලෙකැලේ ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා සහල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම බලකා පරිශ්‍රයේදී පවත්වන ලදී.
එම වැඩසටහනේදී, සිවිල් වැසියන් 1,075 දෙනෙකු අතර සහල් කිලෝග්‍රෑම් 2,600 ක් බෙදා දුන් අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.