18th June 2025
ඉන්දියානු මුහුදු සීමාව තුළදී MSC ELSA 3 නෞකාව අනතුරකට ලක්වීමෙන් අනතුරුව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 4 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල වෙරළබඩ තීරයන් සමීක්‍ෂණය කරමින් එම මන්නාරම ප්‍රදේශයේ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ උපදෙස් මත අනතුරට ලක්වූ නෞකාවේ සුන්බුන් හා තෙල් කාන්දුවීම් හේතුවෙන් සිදුවන පාරිසරික හානිය අවම කිරීමේ අරමුණින් 2025 ජුනි මස 13 සිට 17 දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.