before 2024

පසුගිය පුවත්

Select Article Types

11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

2024-09-09

11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අම්පාර මඩවලලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ සිදු කරන ලදී. 241 පාබල බලසේනාවේ ආඥාපතිගේ සහ 11 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් එච්.පී.සී. හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සිදුකරන ලදි.
තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් "රාජාලි සංදේශය" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙයි

2024-09-08

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් රචිත ‘රාජාලි සංදේශය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම සාර්ථකව පවත්වයි

2024-09-07

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 06 දින පැවැත්විය
තව කියවන්න

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවෙන් ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

2024-09-05

75වැනි යුද්ධ හමුදා දිනයට සමඟාමීව ලේ පරිත්‍යාග වැඩසටහනක් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.
තව කියවන්න

ශ්‍රි ලංකා පාබල හමුදාවට නව නවාතැන් ගොඩනැඟිලි සංකීර්ණයක්

2024-09-05

ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් එහි සේනාවිධායක වෙත නව නිල නිවාසයක් මෙන්ම රෙජිමේන්තුව වෙත පැමිණෙන අණදෙන නිලධාරීන් සඳහා නවාතැන් සංකීර්ණයක් සහ සෙසු නිලයන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් ඉදිකිරීමේ කටයුතු සාර්ථකව නිම කරන ලදි .
තව කියවන්න

12 පාබල සේනාංකය බෙරගම ප්‍රාදේශීය රෝහල ප්‍රතිසංස්කරණය කරයි

2024-09-05

12 පාබල සේනාංකයේ භට පිරිස් විසින් අම්බලන්තොට බෙරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, සනීපාරක්‍ෂක පද්ධතිය සහ හෙද විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නව බුදුමැදුරක් ඉදිකිරීමද සිදු කරන ලදී.
තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙන් ගෞරවාචාර

2024-09-04

විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්වීඩබ්ලිව්වීවී ආර්ඩබ්ලිබ්ලිව්පී ආර්එස්පී වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 31 දින සංවිධානය කරන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදා මූලස්ථානය මඟින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳ දේශනයක් පවත්වයි

2024-09-04

අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ නීතිමය රාමුව පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් 2024 අගෝස්තු 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
තව කියවන්න

541 පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුවක්

2024-09-04

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව කියවන්න

සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානය -2024 අවසන් තරඟය පවත්වයි

2024-09-04

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 6 (ආධාරක) රෙජිමේන්තුව විසින් සංවිධානය කළ සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානයේ අවසන් තරඟය 4 ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා පැසිපන්දු පිටියේදී 2024 සැප්තැම්බර් 01 දින පැවැත්විණි.
තව කියවන්න