before 2024

පසුගිය පුවත්

Select Article Types

පැරිස් පැරාලිම්පික් උළෙලේදී සමිත දුලාන් කොඩිතුවක්කුගෙන් ලෝක වාර්තාවක් සමඟින් රිදී පදක්කමක්

2024-09-03

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත් වු පිරිමි F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර එය මීට පෙර ඔහු විසින් F44 තරඟ ඛාණ්ඩය යටතේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳහෙළීමකි.
තව කියවන්න

ශ්‍රී ලංකා භට පිරිස් විසින් ලෙබනනයේදී ඉන්දුනීසියානු හමුදා භට පිරිස් සඳහා වැඩමුළුවක් පවත්වයි

2024-09-02

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සේවය කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉන්දුනීසියානු සාම සාධක භටපිරිස් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් 2024 අගෝස්තු මස 28 දින පවත්වන ලදී.
තව කියවන්න

11 විජයබාහු පාබල රෙජිමේන්තුව මාවලි පෙරපාසලේ ළමුන් සඳහා දිවා ආහාරය සහ පොත්පත් බෙදාදීමක් සිදුකරයි

2024-09-02

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කරණවායි, මාවලි පෙරපාසලේ දරු දැරියන් වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් 2024 අගෝස්තු මස 28 දින පිරිනමන ලදී.
තව කියවන්න

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සඳහිරු සෑයේ නිරීක්ෂණය චාරිකාවක

2024-09-02

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් 2024 අගෝස්තු මස 31 දින "සඳහිරු සෑය" නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
තව කියවන්න

ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි

2024-09-02

බ්‍රිගේඩියර් සලිල් පාණ්ඩේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලා අංක - 84 හි සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවූහ. එම දූත පිරිසට බ්‍රිගේඩියර් ටපෂ් කුමාර් මිශ්‍රා, එයාර් කොමදෝරු රාමචන්ද්‍ර වෙන්කටේෂ්වර ප්‍රකාශ් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි ඇතුළත් විය.
තව කියවන්න

10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඉලම්පිරායි පෙරපාසල් දරු දැරියන්වෙත දිවා භෝජන සංග්‍රහයක් පවත්වයි

2024-09-01

10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වත්තිරායන්, ඉලම්පිරායි පෙර පාසලේ ළමුන් සඳහා 2024 අගෝස්තු මස 29 දින පෝෂ්‍යදායී දිවා ආහාරය ලබා දෙන ලදී.
තව කියවන්න

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලිය - 2024 පවත්වයි

2024-08-30

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේසපන්දු තරඟාවලිය - 2024, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු මස 27 දින සිට 29 දක්වා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු 8 ක් නියෝජනය කරමින් යුද්ධ කණ්ඩායම් 11 කින් ක්‍රීඩකයින් 50 කට අධික පිරිසක් සහභාගී වූහ.
තව කියවන්න

4 ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් අයිත්තමලේ දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

2024-08-29

4 ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි මේජර් එස්.පී.අයි.එච් සේනානායක පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව 2024 අගෝස්තු මස 25 දින අයිත්තමලේ සධාසරණ මෑණියන්ගේ දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව කියවන්න

55 පාබල සේනාංකය කන්දස්වාමි කෝවිලේ කුම්බාභිෂකම් උත්සවයට සහයෝගය දක්වයි

2024-08-29

කිලිනොච්චිය කන්දස්වාමි කෝවිලේ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් 2024 ජූලි මස 08 දින පවත්වන ලදී.
තව කියවන්න

8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමූළුව විසින් තෝට්ටම රජමහා විහාරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

2024-08-29

තෝට්ටම රජමහා විහාරයේ විහාරස්ථානාධිපති හිමියන් ගේ ඉල්ලීමකට අනුව 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමූළුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.කේ.ඩී.එස්.කේ.දෙනියාය ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 25 දින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව කියවන්න