before 2024
පසුගිය පුවත්
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී’ යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
2024-09-24
‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
තව කියවන්න
10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකරයි
2024-09-24
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස මත සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 13 දින සාර්ථකව නිම කර එම විහාරස්ථානය වෙත භාර දෙන ලදී.
තව කියවන්න
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
2024-09-24
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය 2024 සැප්තැම්බර් මස 17 දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත මෙම පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
තව කියවන්න
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක
2024-09-24
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 සැප්තැම්බර් මස 18 දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
තව කියවන්න
211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්
2024-09-24
211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් 2024 සැප්තැම්බර් මස 16 දින පදවිය රෝහලේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකට සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
තව කියවන්න
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංකයේ නිල සංචාරයක
2024-09-23
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 18 වන දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
තව කියවන්න
‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු තරුණ නිලධාරි පාඨමාලා අංක - 49’ සාර්ථකව අවසන්
2024-09-22
2024 ජුනි මස 12 සිට සැප්තැම්බර් මස 14 දින දක්වා මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේදී පැවති ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු තරුණ නිලධාරි පාඨමාලා අංක - 49’ හි විසිරයෑමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 දින පැවැත්විණී
තව කියවන්න
ආරක්‍ෂක සේනා - මධ්‍යම භටපිරිස් ලැව්ගින්නක් මැඩපවත්වයි
2024-09-22
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් 2024 සැප්තැම්බර් මස 21 දින සාර්ථකව ලැව්ගින්නක් මැඩපවත්වනු ලැබීය.
තව කියවන්න
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2024-09-19
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන හරිත කෘෂිකර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
තව කියවන්න