before 2024

පසුගිය පුවත්

Select Article Types

10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

2024-09-13

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්‍ෂණය යටතේ වව්නිකුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරනු ලැබීය. එම අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 සැප්තැම්බර් 06 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
තව කියවන්න

විශ්‍රාම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගයයි

2024-09-11

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 11 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තුමන් NVQ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ මුලසුන හොබවයි

2024-09-11

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තම ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, පලමු නිළ සංචාරය ලෙස දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජේ ජයරත්න කේඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ආරාධනයෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2024 සැප්තැම්බර් මස 03 වන දින සහභාගී විය.
තව කියවන්න

52 පාබල සේනාංකයේ 29 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2024-09-11

52 පාබල සේනාංකයේ 29 වන සංවත්සරය දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 09 දින සමරනු ලැබීය.
තව කියවන්න

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා විනෝද චාරිකාවක් සංවිධානය කරයි

2024-09-11

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සි.ඩී.පී. ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සඳහා 2024 අගෝස්තු මස 28 දින සිට 2024 අගෝස්තු මස 30 දිනදක්වා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.
තව කියවන්න

අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩකයාහට ප්‍රශංසා කරයි

2024-09-10

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත්වු පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර, එය එම තරඟ කාණ්ඩයේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමිණි.
තව කියවන්න

විශ්‍රාම යන මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපති අගයයි

2024-09-10

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 09 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
තව කියවන්න

සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවෙන් ශිෂ්‍යත්ව පරිත්‍යාග වැඩසටහනක්

2024-09-10

සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රශාදිනී රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ ශිෂ්‍යත්ව සහ පරිත්‍යාග වැඩසටහනක් කරන්දෙණිය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 03 දින පවත්වන ලදී.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවෙන් සුභසාධන වැඩසටහනක්

2024-09-09

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වරුණි කුලතුංග මහත්මියගේ මඟපෙන්වීම යටතේ දරුණු රෝගාබාධයකට ලක්ව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන එම බලකායේ සෙබලෙකුගේ පවුලේ සාමාජිකයන් වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු වියළි සලාක පාර්සලයක් සහ රුපියල් 50,000.00 මදලක් 2024 සැප්තැම්බර් මස 04 දින පරිත්‍යාග කරන ලදී.
තව කියවන්න

9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් බ‍‍‍‍‍‍‍‍‍‍ලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරයි

2024-09-09

බලඇණි පුහුණු පාඨමාලාව 2024 හි සිව්වන අදියර 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයන් 231 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 ජූලි මස 22 දින ආරම්භකර 2024 සැප්තැම්බර් මස 6 දින සාර්ථකව අවසන් කරන ලදී.
තව කියවන්න