යුද්ධ හමුදා මූලස්ථානය මඟින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම පිළිබඳ දේශනයක් පවත්වයි
4th September 2024
අන්තරායකර මත්ද්‍රව්‍ය, ඒවායේ බලපෑම් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් වැළැක්වීමේ නීතිමය රාමුව පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් 2024 අගෝස්තු 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ සහ යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමාගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණි, කොළඹ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම දේශනය පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 874 කට අධික සංඛ්‍යාවක් සහ සෙසු නිලයින් 5729 ක් පමණ සහභාගී වූහ.