ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවෙන් ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්

5th September 2024

75වැනි යුද්ධ හමුදා දිනයට සමඟාමීව ලේ පරිත්‍යාග වැඩසටහනක් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

2024 අගෝස්තු 26 වන දින පැවැත්වූ ලේ දන් දීමේ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදුකෙරිණ.

මෙම වැඩසටහන සඳහා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දායකත්වය මත යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් 50 දෙනෙකු ප්‍රමාණයක් රුධිරය පරිත්‍යාග කලහ.