ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම සාර්ථකව පවත්වයි

7th September 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 06 දින පැවැත්විය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණු සහ පරිපාලන ගැටළු සමාලෝචනය කිරීමේ අරමුණින් පැවති මෙම රැස්වීමේදී විද්‍යාපීඨයේ අරමුණු සාර්ථක කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. ඒ අනුව මණ්ලයේ සාමාජිකයින් විසින් පොදු ගැටළු, පරිපාලන ගැටළු සහ සැපයුම් ගැටළු සම්බන්දව ගැඹුරින් සාකච්ඡාවක නිරත විය.

මෙම රැස්වීමට අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රධාන මණ්ඩලික,අයවැය සහ මූල්‍ය කළමනාකරණය අධ්‍යක්‍ෂ ජනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ද සහභාගී වූහ.