සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානය -2024 අවසන් තරඟය පවත්වයි

4th September 2024

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 6 (ආධාරක) රෙජිමේන්තුව විසින් සංවිධානය කළ සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානයේ අවසන් තරඟය 4 ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා පැසිපන්දු පිටියේදී 2024 සැප්තැම්බර් 01 දින පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා 22 පාබල සේනාංකය යටතේ ඇති පාබල බලසේනා සහ බලඇණි කණ්ඩායම් 10 ක් සහභාගී වූ අතර, 2024 අගෝස්තු මස 27 දින සිට 2024 සැප්තැම්බර් මස 01 දින දක්වා පවත්වන ලදී.

6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සහ 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව අතර පැවැත්වුණු අවසාන මහාතරඟයේ දී තියුණු තරඟයකින් අනතරුව 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ශූරතාවය දිනාගත් අතර 2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව අනුශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී සහභාගී වූයේය.