6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරයි

22nd August 2024

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 20 දින පවරා දෙන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 8 වැනි යුද්ධ හමුදාධිපතිව සිට දිවංගත ජෙනරල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා විඑස්වි එන්ඩිසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට පිං පිණිස එතුමන්ගේ පුතණුවන් වන ඩිවි පෙරේරා මහතාගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් ඇතුළු ප්‍රතිලාභීන්ගේ ඥාතීන් සහභාගී වූහ.