ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ශ්‍රී මහා බෝධියේ වාර්ෂික පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය

30th July 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.

ශාන්ති පදනම විසින් අඛණ්ඩව 33 වැනි වරටත් සංවිධානය කරන ලද මෙම උත්සවය සර්වඥ ධාතු කරඬුව චාරිත්‍රානුකූලව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කරවීමෙන් අනතුරුව පිච්ච මල් පූජෝත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

අමරපුර මූලවංශික මහා නිකායේ උතුරුමැද පළාතේ නියෝජ්‍ය ප්‍රධාන සංඝනායක සංඝ කාරක සංඝ සභික පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් මෙම පිච්ච මල් පූජාව පැවැත් විය.

පූජෝත්සවය සමාප්තිය සනිටුහන් කරමින් මහා සංඝරත්නය විසින් ධර්ම දේශනාවක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට 14 සහ 21 පාබල සේනාංකවල සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වූහ.