51 පාබල සේනාංක මුලස්ථානයෙන් වෛද්‍ය සායනයක් සහ ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

27th August 2024

51 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල ළමුන් සඳහා 2024 අගෝස්තු 26 වන දින වෛද්‍ය සායනයක් එම සේනාංක පරිශ්‍රයේ පිහිටි CIMIC උද්‍යානයේදී පවත්වන ලදී.

පලාලි යුද හමුදා මුලික රෝහලේ අණදෙන නිළධාරී ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම වෛද්‍ය සායනය පවත්වන ලදී. සායනය අතරතුර, වෛද්‍ය කණ්ඩායම විසින් ළමා රෝග, පෝෂණ ඌනතා, දන්ත සනීපාරක්ෂාව සහ සමේ රෝග ආදිය පිලිබඳ පරීක්ෂණ පවත්වන ලදී. එසේම එම දරුවන්ගේ දෙමාපියන් ද දරුවන්ගේ මනා සෞඛ්‍යය තත්ත්වයන් පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීය.

රාජ් කුමාර් මහතා සහ ඔහුගේ මිතුරන් විසින් අනුග්‍රහය දක්වමින් පැවැත්වු මෙම සායනයෙන් පසු සියලුම සහභාගීවුවන් සඳහා රාත්‍රී ආහාරය සපයන ලදී.

මෙම සද්කාර්යය සංවිධානය කිරීම වෙනුවෙන් දෙමාපියන් සහ දරුවන් යුද හමුදාව වෙත සිය කෘතඥතාව පළ කළහ.