4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ පළාත් පාලන ආයතන එක්ව බසවක්කුලම ජලාශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

5th October 2024

ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස්, ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ නගර සභා නිලධාරීන් සමඟ එක්ව, 2024 සැප්තැම්බර් මස 30 දින, අනුරාධපුර, බසවක්කුලම ජලාශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.