16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

30th September 2024

16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් කරප්පකුට්ටි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 24 දින සාර්ථකව අවසන් කෙරිණි. නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් නිවාසලාභීන් වෙත නව නිවසේ යතුරු ප්‍රදානය කරනු ලැබීය.

නෙදර්ලන්තයේ Stichting Mission Lanka හි නිර්මාතෘ වන ශාන්ත දළුගමගේ මහතා සහ ජපානයේ කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු වන එස්.ජේ. සමරවීර මහතාගේ මුල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.