212 පාබල බලසේනාව විසින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
5th October 2024
212 පාබල බලසේනාව විසින් 2024 සැප්තැම්බර් මස 30 දින ලෝක ළමා දිනය සැමරීම සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහනේදී අනුරාධපුර විවාහ නිවාස සංකීර්ණයේ පදිංචි නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ දරුවන් 20 දෙනෙකු ප්‍රතිලාභීන් විය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
එක්සත් රාජධානියේ පදිංචි වෛද්‍ය නදිත් කෞෂල්‍ය මහතාගේ මූල්‍ය දායකත්වය මත මෙම වැඩසටහන සිදු කිරීමට හැකි වූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.