512 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

9th October 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනය නිමිත්තෙන් 512 පාබල බලසේනාව විසින් 2024 ඔක්තෝබර් මස 4 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වනු ලැබූ අතර, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ. විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 512 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී. කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ යාපනය වෙරළ තීරයේ කිලෝමීටර් 3 ක ප්‍රදේශයක් පිරිසිදු කරන ලදී.

මෙම වැඩසටහන සමුද්‍රීය සංරක්‍ෂණය පිළිබඳ දැනුවත් කිරීම වැඩසටහනේ අරමුණ වූ අතර, ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය නියෝජිතයන් ද මෙම වැඩසටහන සඳහා සම්බන්ධ විය.