1 බලකායේ භටපිරිස් ඉෆ්තාර්’ උත්සවය සමරයි

24th April 2023

1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්. යූ. එම්. එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සි සහ එම බලකායේ සියලුම නිලයන් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සිවිල්-හමුදා සහයෝගීතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (21) දින කිලිනොච්චියේ මුස්ලිම් ජනතාව සමග කිලිනොච්චියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඔවුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍රය ඉටු කිරීමේ උත්සවයට සහභාගී වූහ.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ චාරිත්‍රයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දක්වන ගෞරවය මෙමගින් සංකේතවත් කළ අතර, එමගින් රටේ සමෘද්ධිය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ද සිදු කෙරිණි.

ඉෆ්තාර් උපවාසය අත්හැරීමේ යාඥාවෙන් අනතුරුව මුස්ලිම් බැතිමතුන් වෙත 1 බලකායේ බලකාධිපති සහ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික සමගින් එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් තේපැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූහ.