681 පාබල බලසේනාවෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ට අවුරුදු ත්‍යාග

21st April 2023

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 681 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව සේවයේ නියුතු භටපිරිස් අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම බලසේනාවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 11 දෙනෙකු වෙත ත්‍යාග පාර්සල් බෙදා දෙන ලදී.

681 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.පී ගුණතුංග ගේ මඟපෙන්වීම යටතේ 681 පාබල බලසේනා මූලස්ථානයේ සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ මූල්‍යමය සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.