යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ කොත තැන්පත් කෙරේ
29th April 2023
කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමේ පුණ්‍ය උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (27) දින පැවැත්විණි.
මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් කොත පැලදවීමේ උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.
තිස්ස විහාරයේ විහාරාධිපති ගිංතොට නන්ධාරාම හිමිපාණන්ගේ අනුශාසනා සහ මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත භටපිරිස් විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරන කරනු ලැබීය.
ක්‍රිස්තු වර්ෂ 3 වන සියවස දක්වා දිව යන ඉතිහාසයකයට උරුමකම් කියන මෙම විහාරස්ථානය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද බව ඉතිහාසයේ සඳහන් වේ.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස්හි කැපවීම හා උත්සාහය මත මෙම ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කරන ලද අතර, උත්සව අවස්ථාවට මහා සංඝරත්නය, යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයන් සහ සැදැහැවත් බැතිමතුන් පිරිසක් ද සහභාගී වූහ.