18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

27th April 2023

18 ගැමුණු හේවා බළකාය වෙතින් අප්‍රේල් මස 20 දින වෙල්ලස්ස සුභාග්‍යා විද්‍යාල පරිශ්‍රයේදී විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූහ.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයට අයත් 121 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින් මාලිගාවිල, වෙල්ලස්ස සුභාග්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 35 දෙනෙකු වෙත මෙම දිවා භෝජන සංග්‍රහය පිරිනමන ලදී.

121 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 18 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.