ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාසල් සිසුසිසුවින් 27 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙයි
5th May 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ත්‍රිකුණාමලය කල්ලරාව ශාන්ත ජෝන් ප්‍රාථමික විද්‍යාලයේ සහ සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුසිසුවින් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය මැයි මස 29 (සදුදා) දින පවත්වනු ලැබීය.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු විසින් ලබා දුන් උපදෙස් මත 211 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ පීරිස් ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ අමීෂා ජයකොඩි මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදී. එහිදී පාසල් සිසුසිසුවින් 27 දෙනෙකු වෙත රුපියල් 2,70,000.00 ක් වටිනා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ඇසුරුම් 27 ක් කල්ලරාව පාසල් පරිශ්‍රයේදී බෙදා දෙනු ලැබීය.
උත්සව අවස්ථාව සදහා 221 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී සහභාගී විය. 17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මෙම වැඩසටහනේ සියලුම සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.