15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් මීගොඩ භාවනා මධ්‍යස්ථානය පිරිසිදු කරයි
1st May 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති 142 පාබල බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අප්‍රේල් 29 වන දින මීගොඩ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මීගොඩ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමක් මත, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් ලබාදුන් උපදෙස් අනුව 142 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් මෙම වැඩසටහන සිදුකරනු ලැබීය.