592 පාබල බලසේනාවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
3rd May 2023
ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව 592 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (30) දින මුලතිව් දිස්ත්‍රික් රෝහල් පරිශ්‍රය තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ පැවති මෙම ව්‍යාපෘතිය සඳහා 592 පාබල බලසේනාවේ සහ 23 ශ්‍රී ලංකා පාබල හමුදාව යටතේ සේවයේ නියුතු භටපිරිස් 32 දෙදෙනකු සහභාගී වූහ.