22 පාබල සේනාංකයේ භටපිරිස් නිලාවේලි මුහුදු තීරය පිරිසිදු කරයි

7th May 2023

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 221 පාබල බලසේනාවේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (4) දින ත්‍රිකුණාමලය, නිලාවේලි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයින් පනස් දෙනෙකුට අධික පිරිසක්, නාවික හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.