11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වික්‍රමබාහු ජාතික පාසලේ වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙයි
25th November 2024
ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා පැවති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවය 2024 නොවැම්බර් මස 21 දින එම පාසල් ශ්‍රවණාගාරයේ පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී විය.
පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් එම පාසලේ විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය සහ සිසුසිසුවියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, පාසල් ශිෂ්‍යභට කණ්ඩායම විසින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය. පසුව, එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් පැමිණ සිටි පිරිස සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.
උත්සව අවස්ථාවේදී එම පාසලේ විවිධ ක්‍රීඩා අංශයන් සඳහා දක්ෂතා දැක්වූ සිසුසිසුවියන් 627 දෙනෙකුගේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් වර්ණ පිරිනමන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් ගුරු මණ්ඩලය, සිසුසිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.