11 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

22nd November 2024

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 18 දින පල්ලෙකැලේ පිහිටි 11 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන අතරතුරදී, 11 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු භටපිරිස් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 15 ක් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.