12 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් මහා ආර කනිෂ්ඨ විද්‍යාලයේදී පරිත්‍යාග වැඩසටහනක්
23rd November 2024
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.ජේ.එස්.බී.ඩබ්ලිව්. . පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ අම්බලන්තොට මහා ආර කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් උකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 20 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන අතරතුරදී සිසුන් 338 දෙනෙකු සඳහා පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කළ අතර, අනතුරුව සිසුන් සඳහා කෙටි ආහාර පැකට් බෙදාදීම සිදු කරන ලදී. එම වැඩසටහන සඳහා Access Engineering Pvt Ltd හි අනුබද්ධිත Sathosa Motors Pvt Ltd විසින් මුල්‍ය දායකත්වය ලබා දුන් අතර ක්‍රීඩා භාණ්ඩ "මනුසත් දෙරණ" විසින් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.