12 පාබල සේනාංකයෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

25th November 2024

12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත සූරියවැව, අගුණකොළවැව විද්‍යාලයේ දී පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් මස 21 දින පවත්වන ලදී.

මෙම උත්සවයේදී සිසුන් 48 දෙනෙකු වෙත පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ රු. 3,500 වටිනාකමකින් යුත් පාසල් සපත්තු වවුචර පිරිනමනු ලැබූහ. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ‘Access Engineering (Private) Limited’ ආයතනයට අනුබද්ධ සමාගමක් වන ‘Sathosa Motors Limited’ ආයතනය විසින් මූල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, කාර්යය මණ්ඩලය, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.