යුද්ධ හමුදා සෙබළෙකු වූ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

1st April 2023

වර්ෂ 1963 දී යුද්ධ හමුදාවට බැඳී 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කළ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සෙනසුරාදා (01) දින පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

යුද්ධ හමුදා සෙබළෙකු වූ මෙම සම්මානනීය රංගධරයා වර්ෂ 1971 ජවිපෙ කැරැල්ලේ උච්චතම අවස්ථාවේදී යුද්ධ හමුදාව වෙනුවෙන් අනුපමේය සේවයක් සිදුකර ඇත.

82 වන වියේ පසු වූ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතාගේ අභාවය පිළිබඳව 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින්, සෙසුනිලයන් ප්‍රමුඛ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් සිය බලවත් සංවේගය ප්‍රකාශ කරයි.