තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

16th March 2023

යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී පසුගිය සඳුදා (13) දින රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ප්‍රියන්ත දිසානායක ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් සුජීව පෙරේරා මෙම ධූරය සඳහා පත්කෙරිණි. බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මීඨ ප්‍රථම එතුමන් 591 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවූවේය. මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ.