68 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි කටයුතු අරඹයි
6th March 2023
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පෙබරවාරි මස 27 දින පුතුකුඩිඉරිප්පු හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්රදායානූකූලව බෞද්ධ ආගමික වතාවත් මධ්යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
68 වන සේනාංක පරිශ්රය වෙත සපැමිණි මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් පිරිනමන ලදී. අනතුරුව මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින් නව බලකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. අනතුරුව එතුමන් නිලධාරීන් සහ සෙසුනිලයන් අමතා සිය ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කළේය. උත්සව අවස්ථාව සඳහා 68 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.