ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක

30th March 2023

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) පසුගිය බදාදා (මාර්තු මස 29) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වෙමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සමඟින් සුහද හමුවක් පැවැත්වීය.

එම මූලස්ථානය වෙත සපැමිණි ලුතිනන් කර්නල් පුනීත් සුෂිල්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහඳ පිළිසඳරක නිරත වූහ. එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් යාපනය අර්ධද්වීපයේ මේ වනවිට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන ව්‍යාපෘති සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ වත්මන් කාර්යභාරයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂකතුමන් දැනුවත් කරන ලදී.

මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ඉන්දියානු සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමෙන් දිවිපිදූ වීරෝදාර ඉන්දියානු රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.