‘අභිමංසල 3’ නව සේනාවිධායක සිය ධුරයේ රාජකාරි අරඹයි

29th March 2023

ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් චමින්ද පැස්කුවෙල් ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු 16) දින පාන්ගොල්ලේ පිහිටි ‘අභිමංසල 3’ නව සේනාවිධායක ලෙස හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

පාන්ගොල්ලේ පිහිටි ‘අභිමංසල 3’ පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් චමින්ද පැස්කුවෙල් එහි මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සුභ මොහොතින් නව ධූරයේ රාජකාරි අරම්භ කළේය.

මෙතුමන් සුවතා නිකේතනයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

මීට පෙර ‘අභිමංසල 3’ සේනාවිධායක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස පත්කිරීමෙන් පසු බ්‍රිගේඩියර් චමින්ද පැස්කුවෙල් ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම තනතුරට පත් කර ඇත.