52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය ධූරයෙන් නික්ම යයි

9th June 2023

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2023 ජූනි මස 07 දින සිය ධූරයෙන් නික්ම යන ලදී. එතුමන් එම ධූරයෙන් නික්මයෑමට මත්තෙන් 2023 ජූනි මස 05 දින 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 සහ 523 පාබල බලසේනාවන්හි සුහද සංචාරයක නිරතවෙමින් එහි නිලධාරීන් සහ සෙසුනිලයන් අමතන ලදී.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත 2023 ජූනි මස 06 දින එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයන් සහ සම්මාන මුරයන් පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව භටපිරිස් ඇමතූ එතුමන් සිය ධූර කාලය තුළ දැක්වූ සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළේය.

එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 52 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.